ඒත් අද තත්ත්වය කොහොමද?
ඔබ බලන්න ඔබේ පැන්සල් පෙට්ටිය දිහා.පෑන් කොපමණ තියෙනවද? පැන්සල් කීයක් තියෙනවද?කිසිම දවසක පෑනක් ඉවර වෙනකන් ලියල තියෙනවද ?මේ සියල්ලට අපි ගෙවන මුදල් වැඩි කොටසක් යන්නෙ වෙන රටවලට.අපි එක්කෙනෙක් එක දවසට එක හාප් ෂීට් කොළය බැගින් නාස්තිකළා කියල හිතන්න
සිසුන් ලක්ෂ 40න්20ක් මේ ආකාරයට නාස්ති කළහොත් කොල ලක්ෂ 20ක් නාස්ති වෙනව.එකක් රුපියලක් වෙනව කියල ගත්තොත් දවසට සිසුන් රුපියල් ලක්ෂ 20ක් නාස්ති කරනවා .මේ ආකාරයට වසරකට නාස්ති වෙන මුදල කොපමණද මේ සියල්ල රටේ සංවර්ධනයට තිබෙන මුදල්.මේ උදාහරණය ඉතා සුලු එකක්. එසේනම් රටේ වන නාස්තිය කොපමනදැයි ඔබට පැහැදිලි ඇති. මේව විතරක් නෙමේ,ඔබ පාසලේදී වතුර බොද්දී කොපමන ඉවත යනවද ? ඉවත නොයන පරිදි ජලය පානය කිරීමට භාජනයක් භාවිත කළ යුතුයි.නැත්නම් දැනටමත් අපේ රටේ සමහර පලාත්වල මෙන් වතුර බොන්න වෙන්නෙ සල්ලිවලට.
මේ ආකාරයට බලන කොට ඔබ ලියන පැන්සලෙන් පටන්ගෙන අරපිරිමැස්ම පුරුදු වෙන්න නැත්නම් ඔබ නායකයන් වන වකවානුවේත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි ඔබේ ඉදිරි පරම්පරාවටත් කියන්න සිදුවේවි .
එම්.හර්ෂණ පීරිස්
විදුහල්පති
කලුතර විද්‍යාලයය
Yes
ReplyDelete